- **ඇයි මේ ඡායාරූපය විශේෂ ???👇👇
- **The speciality of photograph is....;
I am writing this article in the seventh day since his death....😌🐘
Deegha - 01/ Deegadanthu - 01 was one of biggest tuskers in sri lanka. First time I saw him in the kalawewa national park in 2023. And after in August of 2024. It was my second & last encounter. That tusker was so majestic. He was really amazing. His tusks and body grew as the symbol of strength. Followings are few photographs of Deega - 01 which I had taken in this year. Actually, all photographs shows his timeless beauty. He looked like a legend of the wild.
The Kalawewa National Park is one of amazing national park in North Central Province Sri Lanka. Herds of elephants are roaming in the Kalawewa area. There are many elephants & tuskers around the Kalawewa lake. Many sighting of elephants can be seen around the kalawewa area. This park has become a tourism attractive place because of these majestic elephants.
Deega - 01 was the symbol of Kalawewa through out this year. He was the last remaining majestic tusker in Kalawewa area. His massive tusks shows his endless beauty. Not only that, he was the second largest tusks owner in Sri Lanka. First is the Tusker Kawanthissa.
Deega -01 has also gone like Rewatha, Bharana, Walagmbha & Deega - 02.... But we have response to save the other remaining giants...
Rest in Peace Legend.... 🙏
✍️ Gima - ගිමා [ Sandalee Chandrasekara ]
#standstrongtosavethewildlife #savethewildlife #savetheelephants #savethetuskers #letssavethewildlife
The Majestic Tusker....🐘
Mahasen......
This gentle giant is the oldest tusker in sri lanka who owned the longest tusks... Although, He has lived for a long time in Somawathiya area as his homeland , He is often seen around the Ganewelpola/ Maradankadawala area. Also he was in Minneriya National park 3 years before.... As far as my mind he is reached 70 years now.... This is a Sri Lankan (Asian) wild tusker very rare to see...
💚🤩🐘 🇱🇰
Asian Elephant [Elephas Maximus
📷 Gima Wild Graphy - ගිමා
✍️ Sandalee Chandrasekara
Nikon D750 + 70-200mm
**අද්භූත, මනස්කාන්ත රිටිගල වන රක්ෂිතය**🌿
R. I. T. I. G. A. L. A. ~ S r i L a n k a 🇱🇰
උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව පිහිටා ඇති රිටිගල හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක වනපියසකින් වැසී ඇත. හබරණ සිට මරදන්කඩවල හරහා දිවෙන අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල හන්දියෙන් හැරී අතුරු මගක ගමන් කළ යුතුයි. කොළඹ සිට රිටිගල දක්වා දුර කි. මී. 201ක් පමණ වේ.
සුමිහිරි ඉතිහාස කතාවකට හිමිකම් කියන රිටිගල අද වන විට දෙස් විදෙස් සංචාරකයන් බොහෝමයක නෙත් සිත් බැදගත් අපූරු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වූවකි. ඒවා නම්; ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම කදු වැටිය සහිත මනස්කාන්ත රක්ෂිතය පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් මතින් වේ. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, ජන්තාගාර, පධානගර හා ගල් කුළුණු දක්නට ලැබෙයි.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 වන සියවසේදී චෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් බවට පත් විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්ද වර්තමානයේදී රූස්ස ගස් කොලන් වලින් පිරුණු වන රොදක්න් වැසී පවතී. අතීතයේදී භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා මෙහි වනගතව වැඩ සිටි බවට සාක්ෂි එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වෙයි.
1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වන්නට විය. පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.
රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියකි. මෙය මුල් කාලයේ යක්ෂ ගෝත්‍රික ජනතාවක් විසූ ප්‍රදේශයක් බව ජනප්‍රවාදයේ සදහන් කරුණකි. රාවණ සම්බන්දව රිටිගල හා බැදුණු අපූරු ජනප්‍රවාදයක් පැවසෙයි. රාවණ තමන්ට කළ මදිපුංචිකමට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකා පුරයේ සුරක්‍ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්‍ෂ්මන් කුමරු හා අැති වූ යුද්ධයේ දී ලක්ෂ්මණගේ අැති වූ තුවාලයට අවශ්‍ය ඖෂධ සොයා හනුමන්තා ඉන්දියාවේ හිමාලයට ගියත් ඔහුට ඔසුවේ නම අමතක වීම නිසා ඔහු හිමාලයෙන් ඔසු පැළෑටි පිහිටි ප්‍රදේශයම ගලවා ගෙන අා බව සදහන් වෙයි. එම කඳු කොටසින් කොටසක් කැඩී වැටී රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බව ජනප්‍රවාදයකින් පැවසෙයි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගණයේ බෙහෙත් පැළෑටි බොහොමයක් තවමත් මෙම වනයේ ඇති බව පැවසේ.
මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි.
මේ කඳුවැටිය ආශ්‍රිත ආරාම සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් අැත. සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා අැති බව සදහන් වේ. ක්‍රි. පූ. පළමු සියවසේ සෙල්ලිපියක අරිට විහාරයට අබදළක නම් වැව පූජා කිරීම ගැන කියැවෙයි. ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය කර තනවා තිබේ. පළමුවන සේන ( ක්‍රි. ව. 831-851) රජුත් මේ විහාරයට අනුග්‍රහය දැක්වූ රජකෙනෙකි. පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවද සඳහන් වේ.
ඉංග්‍රීසි පාලන සමයේ 1872 දී ජේම්ස් මැන්ටල් නම් මිනින්දෝරුවා මෙහි මාස තුනක් නැවතී සිට මැනුම් කටයුතු කර අැත. 1890 දී අනුරාධපුර දිසාපති ආර්. ඩබ්. අයිවර්ස් කඳු මුදුන ආසන්න තැනිතලා කොටසක නිවහනක් තනවා ගෙන මෙහි සිසිල් දේශගුණයේ පහස ලබාගෙන තිබෙන බවද කියැවෙයි. හෙන්රි ට්‍රයිමන් 1887 දී රිටිගල ශාක ගැන අධ්‍යයනය කර අැත. පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් 1883 දී රිටිගල පුරාවස්තු ගැන අධ්‍යයනය කර තිබේ.
නුවර කලාවියේ උසම කඳුවැටිය වූ මෙහි උස අඩි 2514ක් (මීටර් 765). අප රටේ මධ්‍ය කඳුකරයත් දකුණු ඉන්දියාවේ කඳුත් අතර පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල නිසා එය භූ විද්‍යාත්මකව ද විශේෂ වූ ප්‍රදේශයකි. ඒ වගේම වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුක්ත වනාන්තරයක් මෙහි පැවතීමද විශේෂත්වයකි.
මේ නිසාම රිටිගල වනාන්තරය 1931 දී දැඩි රක්ෂිතයක් බවට පත් කර අැත. දැඩි රක්ෂිතයේ විශාලත්වය හෙක්ටයාර් 1528ක්. එයට අමතරව කඳු පාමුල නටබුන් ආරාම සංකීර්ණය ඇතුළත් අක්කර 690ක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබේ.
රිටිගල කඳුවැටිය තවත් කඳු කිහිපයකින්ම සමන්විත වූවකි. ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පළතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කඳු හතක් එයට අයත්ය. කටාරම් කොටන ලද ගල් ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක් ඇති විවිධ ගොඩනැගිලි 140 ක පමණ නටබුන්ද විශාල පොකුණක් සහ ශෛලමය පෙත්මගක් ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට හැකිය. මෙවැනි පුරාවිද්‍යාත්මක සම්පත් රැසකින් සමන්විත මෙම රිටිගල වනය නරඹන්නන්ට මෙරට ඉතිහාසය පිළිබද විස්මජනක සාක්ෂි පෙන්වා දෙයි.
රිටිගල යනු අපූරු ජෛව විවිධත්වයක් ඇති වනාන්තරයකි. වර්ෂ 1935 දී මෙහි ශාක පිළිබඳ අධ්‍යයනයක් කළ පී. ඩී. ආර්. ජයයූරිය ඕකිඩ් විශේෂ 27ක් සොයාගන්නා ලදි. වර්තමානය වනවිට මෙම කඳුවැටියෙන් හමුවී ඇති ශාක විශේෂ සංඛ්‍යාව 418ක් වේ. ඉන් මල් පිපෙන ශාක විශේෂ සංඛ්‍යාව 338කි. විශේෂත්වය නම් මේ අතරින් විශේෂ 113ක් තෙත් කලාපයේ දක්නට ලැබෙන ඒවා වීමයි. 2008 දී කළ අධ්‍යයනයකදී පක්ෂි විශේෂ 97ක් මෙහි සරන බව හෙළි විය. අලියා, වලසා, ගෝනා, කොටියා ඇතුළු ක්ෂීරපායී විශේෂ රැසක් ම මෙහි වාසය කරන බවට සාක්ෂි හෙළි වී ඇත.
කඳුවැටියේ පහළම කොටස (බිම් අඩවිය) වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පැතිර ඇති පෙදෙසකි. එහි මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි වියළි කලාපයේ දක්නට ලැබෙන ශාක වර්ග දැකගත හැකියි.
කඳුවැටිය මධ්‍ය කලාපයේ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණයි. මෙම ප්‍රදේශයේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභව දැකගත හැකිය.
කඳු මුදුනේ ඉහළ කොටසේ දකින්නට ලැබෙන්නේ උප කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි වැඩී ඇත.
රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ කිහිපයක් ද හමුවී තිබේ. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, රිටිගල මී යන ශාක ඒ අතර වේ.මීට අමතරව දුලබ ඖෂධීය ශාක වන ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුට වැනි ශාක ද මෙහි සුලභව වැවී ඇත.
මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කියන විස්මිත ජෛව විවිධත්වයකින් හෙබි රිටිගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති, දීර්ග ඓතිහාසික වටිනාකමක් ඇති, ඹෟෂධීය වටිනාකමක් ඇති එමෙන්ම පාරිසරික වටිනාකමක් ඇති අපූරු වන පියසක් වීම ශ්‍රී ලාංකික අපි ලද භාග්‍යයකි. එහි අපූර්වත්වය දැක ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් මෙහි පැමිණෙයි.
රිටිගල බලන්නට එන ඔබ එහි පරිසරයේ සිසිල විද පිය සටහන් පමණක් ඉතිරිකර ආපසු යන්නෙකු වේ නම් අගනා බව සංචාරක සහෘදයන්ට මතක් කරන අතර රිටිගල වන රක්ෂිතය හා ඒ හා බැදුණු ෙඑතිහාසික පුරාවෘත්තයන් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කොට තබා ගැනීමට අපි වග බලා ගනිමු.
✍️ | සදලී චන්ද්‍රසේකර - ගිමා - GIMA
📸 | Respective Owners
මූලාශ්‍ර ; www.wikipedia.com
අරිට්ඨපබ්බත හෙවත් රිටිගල කන්ද - එල්ලාවල මේධානන්ද හිමි
මැකී යන වන පෙත් - ඩග්ලස් බී. රණසිංහ
**වත්මන් ක්වීන්ස් හෝටලය වුණු මහනුවර දුල්ලෑව වලව්ව 🌆
මහනුවර ගරයේ නුවර වැව හෙවත් කිරි මුහුදට මුහුණ ලා දළදා මාලිගාව පෙනෙන මානයේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ලක්ෂණ මතු කරන සුදු පැහැයෙන් වර්ණවත් වූ අලංකාර මන්දිරය මහනුවරට යන කාටත් අමතක නොවන ස්මාරකයක්. ඒ උඩරට රාජධානි සමයේ පටන් අපූරු මතක සටහන් රාශියක් සඟවා ගත් ක්වීන්ස් හෝටලය යි.
මුලින් ම මෙතැන තිබී ඇත්තේ උඩරට රාජධානියේ දිසාව වරයෙක් වූ දුල්ලෑව අදිකාරම්ගේ වලව්ව යි. බොහෝ දෙනා මෙය රැජන හෝටලය ලෙස නමින් දැන සිටියත් එහි අතීතය නම් වැඩි පිරිසක් දන්නේ නැහැ. අවුරුදු 160කට අධික ඉතිහාසයක් සහිත ඒ රසබර අතීතය සොයා ගිය චාරිකාවක් තමයි මේ.
1.ඉතිහාස කතාව
ලෝක උරුම නගරයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙන රැජන හෝටලය කාමර 78කින් සමන්විත අලංකාර සිව්මහල් ගොඩනැඟිල්ලක්. මහනුවර නගරයේ කැපී පෙනෙන ගොඩනැඟිල්ලක් ලෙසත් එය ප්‍රකට යි. මහනුවර දී වර්ෂ 1815 මාර්තු 2 වැනි දා අස්සන් කළ උඩරට ගිවිසුමට අනුව උඩරට රාජධානිය ඇතුළු සමස්ත ලංකාව ම ඉංග්‍රීසි අධිරාජ්‍ය්‍යට යටත් වුණා. මේ ගිවිසුමට අත්සන් කළ උඩරට ජන ප්‍රධානියෙක් වුණේ දුල්ලෑව අදිකාරම යි. ඒ වනවිට ඔහු වලපනේ දිසාව බාර අදිකාරම්වරයා වුණා.
දුල්ලෑව අදිකාරම්ගේ මහ වලව්ව පිහිටා තිබුනේ මාතලේ දුල්ලෑව ගමේ යි. එය මැද මිදුල් හතකින් සමන්විත අක්කර භාගයක පමණ විශාල ගොඩනැඟිල්ලක් බවයි පැවසෙන්නේ. ඊට අමතර ව පාලනයේ පහසුවට අගනුවර ඔහු ඉදිකළ වලව්ව තමයි අද රැජන හෝටල් බිමේ පිහිටා තිබුණේ. ඊට අමතර ව පිළිමතලව්වේ වලව්ව, දුනුවිල වලව්ව, ඇහැලේපොළ වලව්ව, ගිරාගම, වලව්ව, මුල්ලේගම වලව්ව, ඇතුළු වලව් 18ක් මහනුවර නගරයේ පිහිටා තිබුණා.
ඉංග්‍රීසින් අතට පාලනය මාරුවූ පසුව දුල්ලෑව අදිකාරම තම ගම වූ මාතලේ දුල්ලෑවට ගිය බවයි පැවසෙන්නේ. ඉන් පසුව ඔහුගේ වලව්ව වගේ ම අනෙක් වලව් සියල්ල ම ඉංග්‍රීසි නිලධාරින්ගේ භාවිතයට යොදා ගත්තා. ඉංග්‍රීසින් සමහර වලව් කඩා දමා වෙනත් ගොඩනැඟිලි ඉදි කළා.
නගරයේ රජ වාසලට ඉතා නුදුරින් අලංකාර වටපිටාවක පිහිටි දුල්ලෑව වලව්ව 1818 දී ඉංග්‍රිසි ආණ්‌ඩුකාර නිල නිවස බවට තාවකාලික ව පත් වුණා. එහි පදිංචි වූ පළමු ඉංග්‍රීසි නිලධාරියා ලෙස සැලකෙන්නේ මහනුවර ඉංග්‍රිසි නේවාසික නියෝජිත ජෝන් ඩොයිලි යි. ඉන් පසුව 1840 දී ඉංග්‍රීසින් යටතේ ලංකාවට පැමිණ සටන්වලට එක්වූ කුලී හමුදාවක් වූ මැලේ රයිපල් හමුදාවේ බැරැක්කයක් බවට මෙම ගොඩනැඟිල්ල භාවිත වුණා. පසුව මෙම ගොඩනැඟිල්ල “මලබාර් නිවස” නමින් හැඳින්වුණා. ඉන් පසුව එය භාවිත කර ඇත්තේ යුද හමුදා රෝහලකට යි.
2.ගොඩනැඟිල්ලේ කුඩා හෝටලයක්
1850 වන විට මහනුවර අවට වතුවගාව පැතිරෙමින් තිබුණා. මේ නිසා යුරෝපීයයන්ට මහනුවරට පැමිණි විට නවාතැන් ගැනීමට ස්ථානයක් අවශ්‍ය වුණා. එම ගොඩනැඟිල්ලේ එක් කොටසක, වලව්වේ අංශයක ඉංග්‍රිසි ජාතික ‘ස්‌ටෙන්ස් නම් ඉංග්‍රීසි කාන්තාව ඉංග්‍රිසි ජාතිකයින් සඳහා කුඩා භෝජනාගාරයක් සහ නවාතැන්පළක් පවත්වාගෙන ගියා. එය ස්ටේන්ස් හෝටලය නමින් හැඳින්වුණා.
මේ වනවිට මුල් වලව්වේ ස්වරූපය වෙනස් වෙමින් පැවතුණා. වඩා විශාල හෝටලයක අවශ්‍යතාව මහනුවරට දැනෙමින් තිබුණා. විශාල හෝටලක් ඉදිකිරීමට ස්ටෙන්ස්ට හැකියාවක් තිබුණේ නෑ. මේ නිසා ස්‌ටෙන්ස් මහත්මිය රූඩ් 2 යි, පර්චස් 8 1/2 ක් වූ දුල්ලෑව වලව්වේ කොටසක ඉදි වූ හෝටලය ක්‍රිස්තු වර්ෂ 1879 දී හමුදා නිලධාරියකුගේ දියණියක් වූ ‘එලිසබෙත් පියාෂෝ’ නම් ධනවත් කාන්තාවට විකිණුවා. ඒ වඩා විශාල හෝටලයක් ඉදිකිරීම සඳහා යි.
3.හෝටලය විශාල වෙයි
පියාෂෝ, බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කළ ගොඩනැඟිල්ලක් සහිත ව වඩාත් පහසුකම් සහිත නවාතන්පොළක් බවට ක්වීන්ස් හෝටලය පරිවර්තනය කළා. එහි නම “පියාෂෝ කොටේජ්” නමින් වෙනස් කළා. එංගලන්තයේ වික්ටෝරියා රැජනගේ පාලනය සිහිපත්වීමට හෝටලයේ නම ක්වීන්ස් හෝටලය නමින් ද වෙනස් කළා. මේ නම යුරෝපීයයන් අතරත් ජනප්‍රිය වුණා. එදා සිට අද දක්වා ම භාවිත කරන්නේ එම නම යි.
4.ලෝකය පුරා ජනප්‍රිය වෙයි
19 වන සියවස අවසන් වන විට ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍ය යටත් විජිත ලෝකයේ බොහෝ රටවල ක්වීන්ස් හෝටලය ජනප්‍රියත්වයට පත්වුණා. වතු වැවිලිකරුවන් හමුවීම, සම්මන්ත්‍රණ පැවැත්වීම පමණක් නොව නවාතැන් ගැනීමටත් මහනුවර නගරයේ තිබූ පහසුකම් සහිත එක ම හෝටලය වුණේ ක්වීන්ස් හෝටලය යි. මහනුවර ඇසළ පෙරහර හෝටලය තුළ සිට ම නැරඹීමට හැකිවීම නිසා විදේශිකයන් හෝටලයට වඩාත් කැමැත්තක් දැක්වූවා. අදත් ඇසළ පෙරහර සමයට මෙය විදේශික සංචාරකයක්ගෙන් පිරී යනවා.
පියශෝ කුමරිය 1895 වසරේ දී මෙම හෝටලය කැන්ඩි හෝටල් සමාගමට විකුණා තිබෙනවා. ඉන්පසු මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙහි ප්‍රතිසංස්කරණ සිදු කළා. ක්‍රිස්තු වර්ෂ 1900 -1908 අතර කාලයේ දී හෝටලයේ නැඟෙනහිර හා බස්නාහිර අන්තවලට තවත් කොටස් කිහිපයක් එකතු කර විශාල කිරීමක් සිදුවුණා. 1911 වසරේ දී කොළඹ කොමර්ෂල් සමාගම මේ හෝටලය මිල දී ගත්තා. එම සමාගම මෙහි බෝල් රූම් ශාලාවක් ඉදි කළා. අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායකගේ 1970 පාලන කාලයේ දී හෝටලය රජයට පවරා ගැනීමෙන් පසු එහි අයිතිය ලංකා හෝටල් සංස්ථාව සතුවුණා. පසුව එහි රජයේ අයිතියට හිමි කොටස් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කාලයේ දී විකුණා තිබෙනවා. එය අද පාලනය වන්නේ කැන්ඩි හෝටල් සමාගම යටතේ.
5.පුද්ගලයන්ගේ නවාතැනක්
දකුණු දිග ආසියාවේ ප්‍රධානත ම යටත්විජිත බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වුණු මවුන්ට් බැටන් සාමිවරයාත් මේ හෝටලයට නිතර ආ ගිය කෙනෙක් විදිහට ප්‍රසිද්ධ යි. 1890 දී ඇන්ටන් චෙකොව් ලංකාවට පැමිණි අවස්ථාවේදෘත් මේ හෝටලයේ නවාතැන් ගෙන තිබෙනවා. මේ සියලු කාමර දළදා මාලිගාවට හෝ නුවරවැවට එහෙමත් නැත්නම් හෝටලයේ පිහිනුම් තටාකය හෝ මහනුවර කඳුවළල්ල දෙසට මුහුණලා තිබෙනවා.
ඒවායේ තිබෙන විශාල ජනේල නිසා අවට පරිසරය හොඳින් දැක බලා ගන්නත් පුළුවන්. මෙහි කාමර පිහිටා තිබෙන්නේ එකිනෙකට ඉතා ළඟින්. මුල් කාලයේ සමහර කාමරවලට වැසිකිළි හා නානකාමර තිබී නැහැ. රාත්‍රියට අවශ්‍ය වුණොත් භාවිතයට අමුත්තන්ට පොට් ලබාදී තිබෙනවා. දැන් ඒ පැරණි උපකරණ හෝටල කෞතුකාරයේ දැකගත හැකි යි.
නවීන පහසුකම් රැසක් තිබුණත් හෝටලයේ සෑම තැනක ම ඊට උරුම අතීත උරුමයක් දකින්නට පුළුවන්. ගෘහ භාණ්ඩ පවා ඉංග්‍රීසි ඌරුවට නෑකම් කියනවා. මෙහි ප්‍රධාන අවන්හල හඳුන්වන්නේ Queen of Hearts ලෙස යි.
බ්‍රිතාන්‍ය කොලෝනියල් ගෘහනිර්මාණ ශිල්පය සිහිපත් කරවන ආකාරයේ කාමර 80කට අධික ව තිබෙනවා. සාමාන්‍ය කාමර 83ක් ද පවුලේ කාමර 2ක් ද සාමාන්‍ය සූට් 2ක් සහ විධායක සූට් 2කින් ද හෝටලය සමන්විත යි. හෝටල් බිම පර්චස් 217 විශාලත්වයකින් යුක්ත යි.
✍️සටහන ; ( උපුටාගැනීමකි )
සඳලී චන්ද්‍රසේකර
ගිමා - GIMA Online Journal ය තෙවන දිග හැරුම😍
ඔබ වෙත සාදරයෙන් පිළිගන්වමු...🙏
*ජනවාරි කලාපය - January Edition *
අන්තර්ගතය...👇
✍️DREAM PLACE - තිලන්ජන සංචිත් සමඟ කතාබහක් 💁
✍️මිහින්තලය පුරාවෘතය ⛰️💚
✍️ විනිවිද - Vinivida Artz - නිර්මාල් තීක්ෂණ සමඟ කතා බහක් 💁
✍️ Secret Traveller - සචින් කණිෂ්ක සමඟ Travel අතිරේකය💁
✍️ගිමා හෙළ ඔසු අතිරේකය 🍀 🍋
✍️ගිමා ආහාර අතිරේකය 🌶️🧀🍛
✍️කෙටි කතාව (නිලම්බරේ සුපුන් සඳ) 💕
✍️ගිමා කවි කළඹ 🌻
B r o w n F i s h O w l 🦉
W I L P A T T U 🇱🇰
* Brown Fish Owl *
බොර කෙවුල් බකමූණා / මාළු බකමූණා
විල්පත්තු ජාතික වනෝද්‍යානය 🇱🇰
Scientific Name : KETUPA ZEYLONENSIS
The Brown Fish Owl spicies are distributed in Sri Lanka, India, Nepal, Turkey, Iran, Bhuthan, Bangaladesh, Myanmar, Iran, Pakistan, China, Hong Kong, Thailand, Cambodia, Laos, Viaetnam and Malaysia. Some of these spicies are possibly extinct in Israel, Iraq, Jordan, Lebonan and Syria.
Habbits : These spicies are semi-diurnal roosting in large trees during the day time and they are leaving well before sunset. They will often fly up & down...sometimes skimming the water.
Size : Length 48-58 cm. Wing length 355-43mm. Tail length 175-214mm. Weight 1105- 1308g. Females are often larger & heavier than males.
Feed : The Brown Fish Owls feed mainly on fish, frogs & crabs by hunting. But, they will also take birds, reptiles, snakes, lizards, rodents, shrimp & beetles. They are generally found in thick lawland forest & well-wooded country, mostly near water.
Breeding : The breeding season of Brown Fish Owl is generally from November to March. But, as at late April in Sri Lanka. The female lays one or two roundish white eggs.
📷 ගිමා - GIMA
✍️සඳලී චන්ද්‍රසේකර - Sandalee Chandrasekara