මා ලද අත්දැකීම් ඔබ සමඟ....
(අනිවාර්යයෙන්ම කියවලා බලන්න...ඔබට වැදගත් වේවි...)
ජායාරූප ශිල්පීන් විදියට අපි මේ සුන්දර පරිසරයෙහි ඇසින් දකින සොඳුරු තැන් විවිධ අයුරින් අපේ කැමරා කාචයට හසුකර ගන්නවා. වනජීවී ජායාරූපකරණයෙහි යෙදෙන්නන් බොහෝ සෙයින් සතුන් පසු පස හඹා යන්නේ සොඳුරු දර්ශන ඔස්සේ ලොව ඉඳිරියේ ආකර්ෂණීය රූප රාමු නිර්මාණය කිරීමේ අරමුණින්...සත්ව ලෝකය සමඟ බැඳීම ඉතාමත් අසීරු කාර්යයක්.එහිදී අපි එම සත්වයන් සහ ඔවුන්ගේ ඉරියවු පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුමයි. කැමරාවෙන් විවිධ හැඩතල මවන අතරේ ඔවුන්ගේ හැසිරීම් රටා රටා පිළිබඳව නිසි අවදානයක් යොමු කිරීමද වැදගත් වෙයි.
මිනිස් ලෝකයට හුරු පුරුදු අප නුපුරුදු සත්ව ලෝකය සමඟ ක්‍රියා කිරීමේ දී අපි අතින් නොදැනුවත්ව වැරදීම් සිඳු වන්නට පුලුවන්...ජායාරූපකරණයට නවකයෙක් වන මම මා ලද සැබෑ අත්දැකීමක් ඔස්සේ ඔබ වෙත මෙලෙස ලියන්නට සිතුනේ...මේ පිළිබඳව යම් යම් කාරණා මා නොදැන සිටි සේම තවත් නොදන්නා අයෙක් වේනම් ඔවුන්ව දැනුවත් කර ඔවුන් අතින් නොදැනුවත්ව සිඳු වීමට ඉඩ ඇති වැරඳි මඟ හරවා ගැනීමේ අදිටනින්...
මේ දින වල බොහොමයක් කුරුල්ලන් සිය වර්ගයා බෝ කිරීමට නැඹුරු වන කාලයක් කිවුවොත් මම නිවැරඳියි සිතමි. මා නිවසෙහි කල් ගත කරන විට නිවස ආසන්නයේදීම කුරුල්ලන්ගේ කැඳලි බොහෝමයක් මගේ නෙත ගැටුණි. මම ඔවුන් අධ්‍යයනය කළ අතර එක් විශේෂිත කුරුලු ජෝඩුවක් වෙත මගේ අවදානය යොමු විය. මම ඔවුන් අධ්‍යයනය කරමින් එම කිරිල්ලියගේ ජායාරූප ගැනීමට පෙළඹුණෙමි. ඉතින් මම උගේ කැඳැල්ල සමඟ කිරිල්ලියගේ ජායාරූපයක් පැටවුන් හසු නොවන ආකාරයට මගේ කැමරා කාචයට කඳිම ලෙස හසුකර ගැනීමට සමත් වුණා. නමුත්, මම එය සමාජ ජාලා හරහා පල කිරීමේදී තමයි මා අතින් යම් වරදක් සිඳු වූවාදෝ කියා වැටහී ගියේ. 😢 මාව දැනුවත් කළ ප්‍රවීන ජායාරූප ශිල්පීන්ට මාගේ ප්‍රණාමය ද මෙම ලිපිය ඔස්සේ පළ කිරීමට කැමතියි.
ඉතින් මම ජයාරූපකණයේ නවකයන්ට කියා සිටින්නේ ජායාරූපකරණ ක්‍රියාවලිය අපි තවත් ජීවිතයකට හානියක් නොවන අයුරින් භාවනාවක් සේ ඉටු කළ යුතු බවයි...තවත් දෙයක්...කුරුල්ලන් ජායාරූපකරණයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව ද පිළිගත් නීති රීති ගොණුවක් ඇත. අපි එම නීති රීති වලට අනුගතව ක්‍රියා කළ යුතුමයි. නැති වෙන්නට ඉඩ ඇති තවත් දහස් ගණනක් කුරුල්ලන්ගේ ජීවිත බේරා ගැනීමේ අදිටනින් මෙම ලිපිය ලියමි.
කුරුල්ලන් කියන්නේ දැඩි විමසිල්ලෙන් ජීවිකාව ගෙන යන සත්ව කොට්ඨාශයක්. ඔවුන්ට ආසන්න පරිසරයෙහි සිඳුවන පුංචි වෙනසක් හෝ ඉතා ඉක්මණින්ම දැනෙයි. ඔවුන් එම වෙනස්කම් හමුවේ ඉතාමත්ම ඉක්මණින් වෙනස් වෙයි. කුරුල්ලන් කියන්නෙ ගතික පරිසරයට ඉතාම සංවේදී සත්ව කොට්ඨාශයක්. එමනිසා, අපි ඔවුනට හානියක් නොවන අයුරින් ඉතාමත් විමසිල්ලෙන් කටයුතු කළ යුතුමයි. එසේ නොවුණහොත් කුරුලු සම්පත විනාශ මුඛයට ඇද වැටෙණු නොඅනුමානයි.
වැඩිහිටි කුරුල්ලන්, කුරුලු ජෝඩු හසුකරගැනීමේ දී මම දැනුවත් තරමින් ඔවුනට හානියක් සිඳු නොවෙයි. නමුත්, කිසිඳු කුරුල්ලෙකු හසු කරගැනීමේ දී ෆ්ලෑෂර් ( FLASHER) භාවිතය වරඳකි. එමඟින් ඔවුන්ගේ ඇස් වලට හානි සිඳු විය හැකියි. නමුත් අපි කුරුලු කූඩු ආසන්නය්ට යාම වරඳකි. මන්ඳ, මේ විශ්වයෙහි මිනිසා සේම තවත් කියා නිමකළ නොහැකි තරමින් සත්වයෝ නිඳැල්ලේ වෙසෙති. ඉතින් අපි කුරුලු කූඩුව ආසන්නයට යාමේදී එම අනෙකුත් මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක හානිකර සත්වයන් අපිව අනුගමනය කරමින් කැඳැල්ල වෙත පැමිණීමේ අවකාශය වැඩියි. එවිට සර්පයන්, උකුස්සන්, කපුටන්, පූසන් සහ වෙනත් අපිව අනුකරණය කරන සත්වයන්ගෙන් විශාල හානියක් කුරුල්ලන්ට සිඳු විය හැකිය. ඔවුන් විසින් කුරුලු පැටවුන් සහ බිත්තර ආහාරයට ගන්න පුලුවනි. එපමණක් නොව වැඩිහිටි කුරුල්ලන්ද විනාශ විය හැකියි. මඳක් සිතන්න අපි නොදැනුවත්වම අපගේ ක්‍රියා කලාපය නිසාවෙන් අහිංසක ජීවිතයක් නිකරුණේ විනාශ වීමට ඉඩකඩ හැසියෙනවා නේද....?🤔😌
කවදාවත්ම කුරුලු කූඩුවක ස්වභාවිකත්වයට හානියක් කරන්න හොඳ නැහැ. ජායාරූප ගැනීම සඳහා කූඩුව ඇල්ලීම, කූඩුව අවට අතු, ඉති, කොළ කඩා දැමීම, කූඩුව එහා මෙහා කිරීම සම්පූර්ණයෙන්ම වරඳකි. කුරුලු පැටවුන් සහ බිත්තර අත පත ගෑමද දරුණු වරඳකි. මන්ඳ, එවිට කිරිල්ලිය කැඳැල්ල අතහැර යාමේ ඉටකඩ බහුලය. එසේ සිඳු වුවහොත් අහිංසක කුරුලු පැටවුන් නිකරුණේ මියැඳීමෙන්...බිත්තර නිකරුණේ විනාශ වී යාමෙන් කුරුලු සම්පත හීන වෙයි.
කුරුලු පැටවුන් ජායාරූප ගැනීම දැඩි වරඳකි.මන්ඳ, කැමරාව හරහා නිකුත් වන ඇසට නොපෙනෙන කිරණ ඔස්සේ කුරුලු පැටවුන්ට හානි සිඳුවෙයි. එසේම ෆ්ලෑෂර් (FLASHER) භාවිතයේ දී ඔවුනට දැඩි රෂ්මියක් නිකුත් වී උන් එම තාපයෙන් පිච්චී යයි. එමනිසා කුරුලු පැටවුන් සහ බිත්තර ජායාරූප ගැනීමට යොමු නොවිය යුතුයි. නමුත්, පැටවුන් කූඩුවෙන් පිටත පියාඹන සමයෙ දී ෆ්ලෑෂර් භාවිතා නොකර හසුකර ගැනීමෙහි වරදක් නොමැති බව ප්රවීණයන්ගේ අදහසයි. මිනිසුන් වන අපි අපේ පැටවුන්ට හානියක් වනු දැකීමට අකමැති සේම...කිරිල්ලිය සහ කුරුල්ලා ද සිය නෙත් අභියස ඔවුන්ගේ පැටවුන් වැළලෙණු දැකීමට අකමැති බව ඔබත් මමත් නිසැකවම දන්නා කාරණාවකි.
කුරුලු කූඩුවක සීමාව පිළිබඳව ද කතාකළ යුතුම ය. මෙම සීමාව කියන්නේ ඕනෑම පසෙක සිට බලන කල, කූඩුවේ සිට මීටර් 30 ත් මීටර් 100ත් අතර විහිඳෙන කොටසයි. මෙම කුරුලු ම්ව් පියන් නිතරම ගැවසෙන්නේ මෙම සීමාව තුළයි. ඉතින් අපි එම සීමාවට ඇතුළු වන විට විමසිල්ලෙන් සිටින වැඩිහිටි කුරුලු ජෝඩුවට එය පවා දැනෙයි. අපි කරන කියන සෑම දෙයක් පිළිඳව ම ඔවුන් සිටින්නෙ අවදානයෙනි. ඉතින් අපි මේ සීමාව තුළදී කරන ක්‍රියාකාරකම් ඔවුන්ගේ අවදානයට ලක් වෙනවා. අපි අතින් වරඳක් සිඳු වුවහොත් එය ඔවුන්ගේ ජීවිත වලට සෘජුව හෝ වක්‍රව බලපානු ඇත.
ඉතින් මෙම ලිපිය කියවන ඔබ කුරුලු ලෝකය ජායාරූපකරණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා යැයි මම සිතමි. මම ලිවූ මම දැනුවත් කාරණා වලට අමතරව තවත් දැන ගැනීමට විද්වතුන් දන්නා බොහෝ කරුණු කාරණා නීති රීති පවතියි. මේ පිළිබඳව ත්ව දුරටත් සොයා බලා වනජීවී ජායාරූපකරණයෙහි යෙදෙන ඔබ කුරුල්ලන්ට සේම අනෙකුත් කිසිඳු සත්වයෙකුට ඔබේ ක්‍රියා කලාපය තුළින් කිසිඳු හානියක් සිඳු නොවන ආකාරයට කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස මම ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි.
#ජායාරූපකණය_නිසා_සත්ව_ලෝකය_වැනසෙන්නට_ඉඩ_තැබිය_නොහැක....
සටහන : සඳලී ගීත්මා
(FB : Sandalee Geethma)
@සද සෙවණැළි
02.06.2020
No comments:
Post a Comment