Monday, 20 April 2020

ශ්‍රී පාදස්ථානය.....

_ශ්‍රී පාද වන්දනාව_
සමනල කඳු තරණය......

සබරගමුව පළාතෙහි රත්නපුර දිස්ත්‍රික්කයට නුදුරින් මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇති සමනල කදු මුදුනෙහි පිහිටා ඇති අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් පාදයෙහි සිරිපා සලකුණ පිහිටුවා ඇති ස්ථානය හා සබැදි බෞද්ධ සිද්ධස්ථානය ශ්‍රී පාදස්ථානය ලෙස හඳුන්වනු ලබයි.

මීටර් 2243 ක් (අඩි 7359 ක්) උස් වූ මෙම කඳු පන්තිය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැද ගත් ආකර්ෂණීය ස්ථානයකි. සියලු ආගමිකයන්ගේ වන්දනාවට පුද පූජාවන්ට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය රත්නපුර නගරයේ සිට 40km ක් දුරිනුත් හැටන් නගරයේ සිට 32km ක් දුරිනුත් පිහිටා ඇත.

දීපවංසයෙහි මෙම ස්ථානය 'සමන්තකූට' යන නමින් හදුන්වනු ලබන අතර මහාවංසයෙහි බුදුන් එහි වැඩම කළ කථාවස්තුව සදහන් වෙයි. බු.ව. 01 වන සියවසෙහි දී වළගම්භා රජු ඉන්දියානු ආක්‍රමණයෙන් බේරී සිටීමට ශී පාද කන්දෙහි සැඟව සිටි බව රාජාවලියෙහි සහ මහාවංසයෙහි මොනවට සඳහන් වෙයි. වර්ෂ 1817 දී ජෝන් ඩේවි නැමැත්තා සිය සංචාරයකදී සමනල කන්ඳ තරණය කර ශ්‍රී පාදය දුටු බවට පොත පතෙහි හෙළිදරව් වෙයි.

බොහෝ වනජීවී සම්පත් වලින් හෙබි මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී පාද අඩවිය සංචාරකයන්ට සුන්දර දසුන් මවන කාගෙත් මන පිනවන සුන්දර ස්ථානයකි.....

සටහන : සදලී ගීත්මා














2 comments: