__MATARA PIGON ISLAND__
පරවි දූපත හෙවත් රන්දූපත දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීරයට යාබදව මුහුද මැද පිහිටා ඇති දූපතක් වන අතර මාතර බස් නැවතුම්පොළට නුදුරින් මොනවට දිස් වෙයි. සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැද ගත් සොඳුරු දර්ශනීය දූපතක් වන මෙය සොබාදහමෙහි අපූරු දායාදයකි.
අතීතයේ දී ගල් පරවියන් ලැඟුම් ගත් නිසාවෙන් පරවි දූපත ලෙස නම් පට බැඳී ඇති අතර වර්තමානයේ දී මෙම ස්ථානය සියම් නිකායෙහි රෝහණ පාර්ශවයෙහි උපෝසථාගරය ලෙස සංවර්ධනය වී ඇත.
යකඩ පාලමක් මතින් දූපතට යාමට ඉඩ හැසිරී ඇති අතර වෙරළෙහි සිට බලන කල දූපත ඉතාමත් අලංකාරවත් ලෙස දිස්වෙයි.
මෙම ස්ථානයට ආසන්නවම නිල්වලා නදිය, මාතර බෝධිය, ශාන්ත මේරි පල්ලිය ආදී ස්ථානද දැක බලා ගත හැකි වෙයි.
දැකුම් කළු දර්ශනීය ස්ථානයක් වන මාතර වෙරළ උද්‍යානය විඩාබර මිනිස් සිත නිවන්නා සේම...එහි සිට බලන කල නෙත ගැටෙන පරවි දූපතෙහි දර්ශනය ජායාරූපකරුවන්ගේ ඇස් බැඳ ගන්නා අපූරු ස්ථානයකි. මෙය වන්දනාකරුවන්ට වැඳපුදා ගැනීමට සේම සංචාරකයන්ට දැක බලා ගැනීමටද එතරම්ම සුන්දර දූපතකි.
සටහන : සඳලී ගීත්මා
📷 Sandalee Geethma
@ සද සෙවණැළි