Wednesday, 22 March 2023

ක්වීන්ස් හෝටලයේ ඉතිහාසය...(Queens Hotel)

**වත්මන් ක්වීන්ස් හෝටලය වුණු මහනුවර දුල්ලෑව වලව්ව 🌆

මහනුවර ගරයේ නුවර වැව හෙවත් කිරි මුහුදට මුහුණ ලා දළදා මාලිගාව පෙනෙන මානයේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ලක්ෂණ මතු කරන සුදු පැහැයෙන් වර්ණවත් වූ අලංකාර මන්දිරය මහනුවරට යන කාටත් අමතක නොවන ස්මාරකයක්. ඒ උඩරට රාජධානි සමයේ පටන් අපූරු මතක සටහන් රාශියක් සඟවා ගත්   ක්වීන්ස් හෝටලය යි.

මුලින් ම මෙතැන තිබී ඇත්තේ උඩරට රාජධානියේ දිසාව වරයෙක් වූ දුල්ලෑව අදිකාරම්ගේ වලව්ව යි.  බොහෝ දෙනා මෙය රැජන හෝටලය ලෙස නමින් දැන සිටියත් එහි අතීතය නම් වැඩි පිරිසක් දන්නේ නැහැ. අවුරුදු 160කට අධික ඉතිහාසයක් සහිත ඒ රසබර අතීතය සොයා ගිය චාරිකාවක් තමයි මේ.

1.ඉතිහාස කතාව

ලෝක උරුම නගරයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක්  ලෙස නම් කර තිබෙන රැජන හෝටලය කාමර 78කින් සමන්විත අලංකාර සිව්මහල් ගොඩනැඟිල්ලක්. මහනුවර නගරයේ කැපී පෙනෙන ගොඩනැඟිල්ලක් ලෙසත් එය ප්‍රකට යි. මහනුවර දී වර්ෂ 1815 මාර්තු 2 වැනි දා  අස්සන් කළ උඩරට ගිවිසුමට අනුව උඩරට රාජධානිය ඇතුළු සමස්ත ලංකාව ම ඉංග්‍රීසි අධිරාජ්‍ය්‍යට යටත් වුණා. මේ ගිවිසුමට අත්සන් කළ උඩරට ජන ප්‍රධානියෙක් වුණේ දුල්ලෑව අදිකාරම යි. ඒ වනවිට ඔහු වලපනේ දිසාව බාර අදිකාරම්වරයා වුණා.

දුල්ලෑව අදිකාරම්ගේ මහ වලව්ව පිහිටා තිබුනේ මාතලේ දුල්ලෑව ගමේ යි. එය මැද මිදුල් හතකින් සමන්විත අක්කර භාගයක පමණ විශාල ගොඩනැඟිල්ලක් බවයි පැවසෙන්නේ. ඊට අමතර ව පාලනයේ පහසුවට අගනුවර ඔහු ඉදිකළ වලව්ව තමයි අද රැජන හෝටල් බිමේ පිහිටා තිබුණේ. ඊට අමතර ව පිළිමතලව්වේ වලව්ව, දුනුවිල වලව්ව, ඇහැලේපොළ වලව්ව, ගිරාගම, වලව්ව, මුල්ලේගම වලව්ව, ඇතුළු වලව් 18ක් මහනුවර නගරයේ පිහිටා තිබුණා.

ඉංග්‍රීසින් අතට පාලනය මාරුවූ පසුව දුල්ලෑව අදිකාරම තම ගම වූ මාතලේ දුල්ලෑවට ගිය බවයි පැවසෙන්නේ. ඉන් පසුව ඔහුගේ වලව්ව වගේ ම අනෙක් වලව් සියල්ල ම ඉංග්‍රීසි නිලධාරින්ගේ භාවිතයට යොදා ගත්තා. ඉංග්‍රීසින් සමහර වලව් කඩා දමා වෙනත් ගොඩනැඟිලි ඉදි කළා.

නගරයේ රජ වාසලට ඉතා නුදුරින් අලංකාර වටපිටාවක පිහිටි දුල්ලෑව වලව්ව 1818 දී ඉංග්‍රිසි ආණ්‌ඩුකාර නිල නිවස බවට තාවකාලික ව පත් වුණා.  එහි පදිංචි වූ පළමු ඉංග්‍රීසි නිලධාරියා ලෙස සැලකෙන්නේ මහනුවර ඉංග්‍රිසි නේවාසික නියෝජිත ජෝන් ඩොයිලි යි. ඉන් පසුව 1840 දී  ඉංග්‍රීසින් යටතේ ලංකාවට පැමිණ සටන්වලට එක්වූ කුලී හමුදාවක් වූ මැලේ රයිපල් හමුදාවේ බැරැක්කයක් බවට මෙම ගොඩනැඟිල්ල භාවිත වුණා. පසුව  මෙම ගොඩනැඟිල්ල “මලබාර් නිවස” නමින් හැඳින්වුණා. ඉන් පසුව එය භාවිත කර ඇත්තේ  යුද හමුදා රෝහලකට යි.

2.ගොඩනැඟිල්ලේ කුඩා හෝටලයක්

1850 වන විට මහනුවර අවට වතුවගාව පැතිරෙමින් තිබුණා. මේ නිසා යුරෝපීයයන්ට මහනුවරට පැමිණි විට නවාතැන් ගැනීමට ස්ථානයක් අවශ්‍ය වුණා.  එම ගොඩනැඟිල්ලේ එක්‌ කොටසක, වලව්වේ අංශයක ඉංග්‍රිසි ජාතික ‘ස්‌ටෙන්ස්‌ නම් ඉංග්‍රීසි කාන්තාව ඉංග්‍රිසි ජාතිකයින් සඳහා කුඩා භෝජනාගාරයක්‌ සහ නවාතැන්පළක්‌ පවත්වාගෙන ගියා. එය ස්ටේන්ස්  හෝටලය නමින් හැඳින්වුණා. 

මේ වනවිට මුල් වලව්වේ ස්වරූපය වෙනස් වෙමින් පැවතුණා. වඩා විශාල හෝටලයක අවශ්‍යතාව මහනුවරට දැනෙමින් තිබුණා. විශාල හෝටලක් ඉදිකිරීමට ස්ටෙන්ස්ට හැකියාවක් තිබුණේ නෑ. මේ නිසා ස්‌ටෙන්ස්‌ මහත්මිය රූඩ් 2 යි, පර්චස්‌ 8 1/2 ක්‌ වූ දුල්ලෑව වලව්වේ කොටසක ඉදි වූ හෝටලය ක්‍රිස්තු වර්ෂ 1879 දී හමුදා නිලධාරියකුගේ දියණියක් වූ  ‘එලිසබෙත් පියාෂෝ’ නම් ධනවත් කාන්තාවට විකිණුවා. ඒ වඩා විශාල හෝටලයක් ඉදිකිරීම සඳහා යි.

3.හෝටලය විශාල වෙයි

පියාෂෝ, බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කළ ගොඩනැඟිල්ලක් සහිත ව වඩාත් පහසුකම් සහිත නවාතන්පොළක් බවට ක්වීන්ස් හෝටලය පරිවර්තනය කළා.  එහි නම “පියාෂෝ කොටේජ්” නමින් වෙනස් කළා. එංගලන්තයේ වික්ටෝරියා රැජනගේ පාලනය සිහිපත්වීමට හෝටලයේ නම  ක්වීන්ස් හෝටලය නමින් ද වෙනස් කළා.  මේ නම යුරෝපීයයන් අතරත් ජනප්‍රිය වුණා.  එදා සිට අද දක්වා ම භාවිත කරන්නේ එම නම යි.  

 4.ලෝකය පුරා ජනප්‍රිය වෙයි

19 වන සියවස අවසන් වන විට ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍ය යටත් විජිත ලෝකයේ බොහෝ රටවල ක්වීන්ස් හෝටලය ජනප්‍රියත්වයට පත්වුණා. වතු වැවිලිකරුවන් හමුවීම, සම්මන්ත්‍රණ පැවැත්වීම පමණක් නොව නවාතැන් ගැනීමටත් මහනුවර නගරයේ තිබූ පහසුකම් සහිත එක ම හෝටලය වුණේ ක්වීන්ස් හෝටලය යි. මහනුවර ඇසළ පෙරහර හෝටලය තුළ සිට ම නැරඹීමට හැකිවීම නිසා විදේශිකයන් හෝටලයට වඩාත් කැමැත්තක් දැක්වූවා. අදත් ඇසළ පෙරහර සමයට මෙය විදේශික සංචාරකයක්ගෙන් පිරී යනවා.

පියශෝ කුමරිය 1895 වසරේ දී මෙම හෝටලය කැන්ඩි හෝටල් සමාගමට විකුණා තිබෙනවා. ඉන්පසු මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙහි ප්‍රතිසංස්කරණ සිදු කළා.  ක්‍රිස්තු වර්ෂ 1900 -1908 අතර කාලයේ දී හෝටලයේ නැඟෙනහිර හා බස්නාහිර  අන්තවලට තවත් කොටස් කිහිපයක් එකතු කර විශාල කිරීමක් සිදුවුණා. 1911 වසරේ දී කොළඹ කොමර්ෂල් සමාගම මේ හෝටලය මිල දී ගත්තා. එම සමාගම මෙහි බෝල් රූම් ශාලාවක් ඉදි කළා. අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායකගේ 1970 පාලන කාලයේ දී හෝටලය රජයට පවරා ගැනීමෙන් පසු එහි අයිතිය ලංකා හෝටල් සංස්ථාව සතුවුණා. පසුව එහි රජයේ අයිතියට හිමි කොටස් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග  කාලයේ දී විකුණා තිබෙනවා. එය අද පාලනය වන්නේ කැන්ඩි හෝටල් සමාගම යටතේ.

 5.පුද්ගලයන්ගේ නවාතැනක්

දකුණු දිග ආසියාවේ ප්‍රධානත ම යටත්විජිත බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වුණු මවුන්ට් බැටන් සාමිවරයාත් මේ හෝටලයට නිතර ආ ගිය කෙනෙක් විදිහට ප්‍රසිද්ධ යි. 1890 දී ඇන්ටන් චෙකොව් ලංකාවට පැමිණි අවස්ථාවේදෘත් මේ හෝටලයේ නවාතැන් ගෙන තිබෙනවා.  මේ සියලු කාමර දළදා මාලිගාවට හෝ නුවරවැවට එහෙමත් නැත්නම් හෝටලයේ පිහිනුම් තටාකය හෝ මහනුවර කඳුවළල්ල දෙසට මුහුණලා තිබෙනවා.

ඒවායේ තිබෙන විශාල ජනේල නිසා අවට පරිසරය හොඳින් දැක බලා ගන්නත් පුළුවන්. මෙහි කාමර පිහිටා තිබෙන්නේ එකිනෙකට ඉතා ළඟින්. මුල් කාලයේ සමහර කාමරවලට වැසිකිළි හා නානකාමර තිබී නැහැ. රාත්‍රියට අවශ්‍ය වුණොත් භාවිතයට අමුත්තන්ට පොට් ලබාදී තිබෙනවා. දැන් ඒ පැරණි උපකරණ හෝටල කෞතුකාරයේ දැකගත හැකි යි.

නවීන පහසුකම් රැසක් තිබුණත් හෝටලයේ සෑම තැනක ම ඊට උරුම අතීත උරුමයක් දකින්නට පුළුවන්. ගෘහ භාණ්ඩ පවා ඉංග්‍රීසි ඌරුවට නෑකම් කියනවා. මෙහි ප්‍රධාන අවන්හල හඳුන්වන්නේ Queen of Hearts ලෙස යි.  

බ්‍රිතාන්‍ය කොලෝනියල් ගෘහනිර්මාණ ශිල්පය සිහිපත් කරවන ආකාරයේ කාමර 80කට අධික ව තිබෙනවා. සාමාන්‍ය කාමර 83ක් ද පවුලේ කාමර 2ක් ද සාමාන්‍ය සූට් 2ක් සහ විධායක සූට් 2කින් ද හෝටලය සමන්විත යි. හෝටල් බිම පර්චස් 217 විශාලත්වයකින් යුක්ත යි.







✍️සටහන ; ( උපුටාගැනීමකි )

සඳලී චන්ද්‍රසේකර 

Friday, 3 March 2023

ගිමා-GIMA Online Journal (January Edition)

 ගිමා - GIMA Online Journal ය තෙවන දිග හැරුම😍

ඔබ වෙත සාදරයෙන් පිළිගන්වමු...🙏


*ජනවාරි කලාපය - January Edition *


අන්තර්ගතය...👇

✍️DREAM PLACE - තිලන්ජන සංචිත් සමඟ කතාබහක්  💁

✍️මිහින්තලය පුරාවෘතය ⛰️💚

✍️ විනිවිද - Vinivida Artz - නිර්මාල් තීක්ෂණ සමඟ කතා බහක් 💁

✍️ Secret Traveller - සචින් කණිෂ්ක සමඟ Travel අතිරේකය💁

✍️ගිමා හෙළ ඔසු අතිරේකය 🍀 🍋

✍️ගිමා ආහාර අතිරේකය 🌶️🧀🍛

✍️කෙටි කතාව (නිලම්බරේ සුපුන් සඳ) 💕

✍️ගිමා කවි කළඹ  🌻















✍️ ගිමා












Friday, 17 February 2023

Brown Fish Owl 🦉 🇱🇰

                         B r o w n  F i s h  O w l 🦉 

                              W I L P A T T U 🇱🇰 

* Brown Fish Owl *

බොර කෙවුල් බකමූණා / මාළු බකමූණා 

විල්පත්තු ජාතික වනෝද්‍යානය 🇱🇰 

Scientific Name : KETUPA ZEYLONENSIS

The Brown Fish Owl spicies are distributed in Sri Lanka, India, Nepal, Turkey, Iran, Bhuthan, Bangaladesh, Myanmar, Iran, Pakistan, China, Hong Kong, Thailand, Cambodia, Laos, Viaetnam and Malaysia. Some of these spicies are possibly extinct in Israel, Iraq, Jordan, Lebonan and Syria.

Habbits : These spicies are semi-diurnal roosting in large trees during the day time and they are leaving well before sunset. They will often fly up & down...sometimes skimming the water.

Size : Length 48-58 cm. Wing length 355-43mm. Tail length 175-214mm. Weight 1105- 1308g. Females are often larger & heavier than males. 

Feed : The Brown Fish Owls feed mainly on fish, frogs & crabs by hunting. But, they will also take birds, reptiles, snakes, lizards, rodents, shrimp & beetles. They are generally found in thick lawland forest & well-wooded country, mostly near water.

Breeding : The breeding season of Brown Fish Owl is generally from November to March. But, as at late April in Sri Lanka. The female lays one or two roundish white eggs.

📷 ගිමා - GIMA

✍️සඳලී චන්ද්‍රසේකර - Sandalee Chandrasekara