මිහින්තලය 🙏
මිහින්තලය රජ මහා විහාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය නගරයට යාබදව පිහිටා ඇති පූජනීය ස්ථානයකි. මිහින්තලය අම්බස්තලය ලෙස ද ප්‍රචලිතව පවතී. අඩි 1000 ක පමණ උසක් ඇති ශේෂ කන්ඳකින් සහ වන අඩවියකින් අලංකෘතව ඇතු මිහින්තලය රජ මහා විහාරය ලංකාවසී මෙන්ම ලෝකවාසී බොහෝ දෙනාගේ නෙත් සිත් වශී කරගත් අපූරු ස්ථානයකි. මිහින්තලා කන්ඳ චේතියගිරිය ලෙස සහ සෑගිරි ලෙසද හඳුන්වනු ලබයි.
වංශ කතා වල සඳහන් වන පරිදි ඉන්දීය අධිරජ ධර්මාශෝක රජු විසින් ධර්මය ප්‍රචාරය කිරීමේ අදිටන්න් මෙරටට එවන ලද මිහිඳු මහ රහතන් වහන්සේ පමුඛ ධර්ම දූත පිරිස පොසොන් පුර පසලොස්වක පොහෝ දිනක ( චමිට මුල මස )අම්බස්තල මුඳුනේදී දේවානම් පියතිස්ස රජතුමා හමු වූ බව පැවසේ. ක්‍රි.පූ. 247 දී මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිඳු වූ බවට සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මඟින් තොරතුරු හෙළිදරව් වී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල නම් රහතන් වහන්සේලා භණ්ඩුක උපාසක සහ සුමන සාමනේර පිරිස ඉන්දියාවේ සිට මිස්සක පව්ව මුඳ්නට වැඩි බව සහ එවකටලක්දිව රජකම් කළ දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට මිහින්තලා පුද බිමේදී පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්ත පදෝපම සූත්‍රය දේශනා කළ බව කියැවේ.
සුන්දර වන අරණකින් වට වී ඇති මිහින්තලා කඳු මුඳුනේ සිට වට පිටාව නරඹන්නෙකුට මහත් ආකර්ෂණීය දසුන් සියැසින් දැක බලා ගැනීමට හැකි වෙයි. වැව්, අමුණ්, පොකුණු, වන රොදවල්, වෙල් යාය, කඳු පන්ති වැනි රමණීය දසුන් සේම රුවන්මැලි මහා සෑ රඳුන්, ජේතවනාරාමය, අභයගිරිය වැනි ස්ථාන ද මිහින්තලා කඳු මුඳුනේ සිට දැක බලා වන්ඳනා කර ගත හැකිය. අපූරු මන නන්දනීය දර්ශන මවන මිහින්තලා පුද බිම මිහින්තලය මහා සෑය, කණ්ඨක චෛත්‍යය, අම්බස්තල දාගැබ, මිහිඳු සෑය, ගිරිභණ්ඩ සෑය, ආරාධනා ගල, භෝජන ශාලාව, දාන ශාලාව, මිහිඳු ගුහාව, රෝහල, අටසැට ලෙන්, පොකුණු සහ අපූරු පියගැට පෙළකට උරුමකම් කියන ඓතිහාසික පුද බිමකි.
තවද ලෙන් ලිපි, සෙල්ලිපි, කටාරම් ලිපි සහ මැඩපත් ආදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඔස්සේ මිහින්තලා ඉතිහාසය පිළිබදව තොරතුරු හෙලිදරව් වී තිබේ. මිහිඳු හිමියන්ගේ පැමිණීම පිළිබඳව ඓතිහාසික තොරතුරු පිළිබිඹු කරනු ලබන සෙල්ලිපියක " මහිද තෙරභව, භද්‍රසාර තෙරභව, ඉට්ටක තෙරභව, පති තෙරභව " යන පාඨය සඳහන්ව තිබීම ධර්මදූත පිරිස සම්බන්ඳව හමු වූ ප්‍රභල සාක්ෂියකි. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර 27 වන දින දී වස් විසීම පිණිස මිහින්තලයට වැඩම කර ඇති බව සඳහන් වේ.
මිහින්තලය මුදුනට ගොඩ වීම සඳහා නිර්මාණය කර ඇති අපූරු පියගැට පෙළ මෙන්ම දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාර ගෙය සහ ගුහා 68 සේම පෝය ගෙයවල්, ආරෝග්‍ය ශාලාව, සීමා මාලකය, දාන ශාලාව, සන්නිපාතක ශාලාව, සක්මන්මළු ආදි නිර්මාණ අතීත ගෘහ නිර්මාණ ශිල්පයෙහි අපූර්වත්වය සහ ඉංජිනේරු ශිල්ප ක්‍රමයන්හි සුවිශේෂීත්වය විදහා දක්වන සාක්ෂි වේ.
* * මිහින්තලා මහා සෑය * *
මිහින්තලය කඳු මුඳුනෙහි ඉහිටා ඇති මහා සෑය අඩි 153ක උසකින් සහ අඩි 136 ක විශ්කම්භයකින් යුතු විශාල දාගැබකි. මිහින්තලා මහා සෑය මහදාතිත මහානාග රජතුමා විසින් ඉදිකරන ලද බව කියැවේ. මෙම චෛත්‍ය ම්හා ථූපය, මහා චෛත්‍යය යන නම් වලින් ද පූජාවලියේ සඳහන් පරිදි අම්බුලු දාගැබ ලෙස ද හඳුන්වනු ලැබ ඇත. මෙම සෑය 1941 වසරෙදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
* * අම්බස්තල දාගැබ * *
අම්බස්තල දාගැබ මිහිඳු හිමියන් මෙරටට වැඩි අවස්ථවේ දේවානම් පියතිස්ස රජු රැඳී සිටි ස්ථානය සිහිපත් වීම පිණිස මාතලන් තිස්ස රජු විසින් කරවාන්නට ඇතැයි ස්ඳහන් වේ. කඳු මුඳුනට නුදුරු තැනිතලා බිමක මෙම දාගැබ ඉදිකරවා ඇත.
* * මිහිඳු සෑය * *
දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරා වූ උපතිස්ස රජු (ක්‍රි. පූ. 210- 200 ) විසින් මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ කොරසක් නිදන් කරවා මෙම දාගැබ ඉදිකර ඇති බව මහාවංශයේ සඳහන් වේ.
* * කණ්ඨක චේතිය * *
බහිරව රූප සහ ඇත් රූප වලින් අලංකෘතව ඇති මෙම ස්ථූපය අඩි 425.5 ක් පමණ වූවකි. මෙම දාගැබ සූරතිස්ස රජතුමා විසින් කරවා ඇතැයි සඳහන් වේ.
* * ගිරිභණ්ඩ සෑය * *
මිහින්තලා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති ධාතු ගර්භය ගිරිභණ්ඩ සෑයෙහි ධාතු ගර්භය වන අතර මෙම දාගැබ ඉදිකරවන්නට ඇත්තේ කවරෙකු විසින්දැයි තවමත් අවිනිශ්චිත ක්රුණකි. මෙය ක්‍රි. ව. 8 වන සියවසට පමණ අයත් දාගැබක් බවට විස්වාසයක් පවතී.
* * රෝහල සහ නටඹුන් * *
අම්බස්තල කඳු මුඳුන පමුල දක්නට ලැබෙන නටඹුන් ප්‍රදේශයෙහි බෙහෙත් ඔරුවක්, අඩි 25 ක් පමණ වන ගොඩනැගිල්ලක නටඹුන්, ගල් කැටයම්, ගලින් කරන ලද බරාඳි වැටවල් සහ රෝහලක නටඹුන් දැකගත හැකි වේ. මෙම ප්‍රදේශයේ සිට තව්ත් පඩි 1840 ක පඩිපෙළ කඳු මුඳුන දක්වා ම දිවෙයි.
* * භෝජන ශාලාව සහ දාන ශාලාව * *
තුන්වන පඩිපෙළ අවසානයේ පිහිටා ඇති මළුවෙහි වම්පස කෙළවරට වන්නට භෝජන ශාලාව පිහිටා ඇත. දිගින් අඩි 62 ක් සහ පළලින් අඩි 25 ක් වන භෝජන ශාලාව අතීත ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ අපූර්වත්වය ඉස්මතු කරන හෙළිදරව්වක් වන අතර ඒ හා සම්බන්ඳ ජල වහන පද්ධතිය අතීතයේ පැවති ජල සම්පාදන ක්‍රමයේ සුවිශේෂීත්වය ඉස්මතු කරයි. භෝජන ශාලාවට ඇතුළු වන ස්ථානයෙහි ආරාමයේ පරිපාලන කටයුතු සහ නීති රීති සඳහන් ව්නවා යැයි කියවෙන විශාල ශිලා ලෙඛන දෙකක් දැක ගත හැකි වේ. භෝජන ශාලාව අවටින් තවත් නටඹුන් දැකගන්නට හැකි වේ.
දාන ශාලාව මිහින්තලා ගෘහ නිර්මාණ ශිල්පය දැක්වෙන තවත් අපූරු ස්ථානයකි. ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය සපයා ගත් ආකාරය දිස්වෙන නටඹුන් මෙහි ඇති සුවිශේෂී අංගය වේ.
* * ආරාධනා ගල * *
බොහෝ බැතිමතුන්ගේ සහ ලක්වාසී ලෝකවාසී සංචාරකයන් රැසකගේ නෙත් සිත් වසඟ කරගන්නට සමත් වූ ආරාධනා ගල මිහින්තලා පුද බිමෙහි පිහිටා ඇති අපූරු ග්ල් පර්වතයකි. මිහින්තලා මහා සෑයට මුහුණලා පිහිටා ඇති මෙම ස්ථානය මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස වැඩම කර පළමුව ලක්දිව වැඩම පය තැබූ යැයි සඳහන් වන ස්ථානය වේ. ආරාධනා ගල මුඳුනට යන්නෙකුට එහි සිට අපූරු වට පිටාව දැක බලා මන දොල පිනවා ප්‍රීතිය උප්දවා ගැනීමට තරම් සොඳුරු වූ ස්ථානයකි. මෙය බෞද්ධ පුද බිමක් සේම සංචාරක ප්‍රජාව නිහතමානීව දැක බලා ගත යුතු ආකර්ෂණීය ස්ථානයකි.
* * අට සැට ලෙන් * *
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ගල් ලෙන් 68ක් නිමවා දේවානම් පියතිස්ස රජු විසින් පූජා කළ බවට සාක්ෂි මහා වංශයේ සඳහන් වේ. මෙම සෑම ලෙනකම කටාරමට පහළින් බ්‍රාහ්මීය ලේඛන සඳහන් වන අයුරු එහි පැමිණෙන ඕනෑම අයෙකුට දැකගත හැකිය.
* * පොකුණු * *
අම්බස්තල අඩවියෙහි පිහිටා ඇති පොකුණු අතුරින් කළුදිය පොකුණ, සිංහ පොකුණ සහ නාග පොකුණ විස්මිත ජලාප්‍රවාහන ක්‍රමයක සලකුණු පිළිබිඹු කර්න අපූරු නිර්මාණ කිහිපයකි.
_ කළුදිය පොකුණ _
මෙහි ජලය කළ් පැහැයෙන් දිස්වන බැවින් මෙම නම පට බැඳී ඇතැයි ජනප්‍රවාදයේ කියැවේ.
_ සිංහ පොකුණ _
සිංහයෙකුගේ මුවින් ජලය පිටවන ආකාෆයට ගලින් නෙලන අද දිය පිහිල්ලක් සිංහ පොකුණ ලෙස නම ලැබී ඇත.
_ නාග පොකුණ _
නාග චතුශ්ක නමින් හඳ්නවනු ලැබූ ස්වභාවික විල්ක් පළමු වන අග්ගබෝදි රජු ( ක්‍රි. ව. 577-608 ) විසින් පොකුණක් ලෙස නිමවා නාග සොණ්ඩි පොකුණ ලෙස නම් කළ බව සඳහන් වන අතර පසු කාලයේදී එය නාග පොකුණ ලෙස හඳුන්වනු ලැබීය. අම්බස්තල දාගැබ සිට බටහිර දෙසට යන විට නාග පොකුණ දැක ගත හැකි වේ.
තෙරුවන් සරණයි...!
සටහන : සඳලී ගීත්මා
ජායාරූප : Sandalee Geethma
📷 සද සෙවණැළි